Posts

Showing posts from May, 2021

SMS භාවිතය සහ පෞද්ගලික සංවාද ගුප්තකරණය

 SMS තාක්ෂණය අපි හැමෝම භාවිත කරනවා. අද බොහෝ දෙනෙක් smart phone භාවිත කරන නිසා ඉස්සර තරම් නම් sms භාවිත වෙන්නේ නැතුව ඇති. නමුත් අදටත් අපි sms භාවිත කරනවා. SMS පෞද්ගලික නොවන දේවල් සඳහා පමණක් භාවිත කරන්න පුලුවන්නම් තමයි හොඳ. Data balance එක බලන්න වගේ දේවල් වලට sms භාවිත කළාට ගැටලුවක් නෑ. ඒත් යාළුවෝ එක්ක චැට් කරන්න වගේ දේවල් වලටනම් sms භාවිත කරන්න එපා. ඒ ඇයි කියලා වගේම sms තරම් ම ගැටළු සහගත chat app මොනවද කියලා දැනගන්නත් දිගටම කියවන්න. අපි දුරකතනයකින් කතා කරද්දී නැත්නම් message කරද්දී අපිට හිතෙනවා ඒ සන්නිවේදනය පෞද්ගලිකයි කියලා. ඒ කියන්නේ පණිවුඩය ලැබිය යුත්තා සහ ඔබට පමණයි ඒ සංවාදයේ සිටිය හැක්කේ කියලා හිතෙනවා. භෞතිකව සාකච්ඡාවක් කරද්දී ඒ සාකච්ඡා වුණ දේවල් දන්නේ සාකච්ඡාවට සහභාගි වුණ අය විතරනෙ. විද්‍යුත් සන්නිවේදන වලදී ඕක ඔහොම නෑ. හිතලා බලන්න. අපි විද්‍යුත් සන්නිවේදනයේදී පණිවුඩයක් දිගු දුරක් යවනවා. තැපැල් කරද්දීත් වෙන්නේ ඕකමනේ. ඔබ පණිවිඩයක් post card එකක ලියලා තැපැල් කළොත් ඒ පණිවිඩයේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවද? නෑ. ඒ පණිවිඩය තැපැල්කරුට හරි පණිවුඩය යන මාර්ගයේ ඉන්න වෙනත් අතරමැදියෙකුට බලන්න පුළ...

Crack කරපු software භයානකද?

 ලංකාවේ ඇත්ත තත්වේ නම් ගොඩක් අය පාවිච්චි කරන්නේ හොරකම් කරපු softwares. ඒක හොඳද, ආරක්ෂාකාරී ද කියල ඔබ තීරණය කරන්න. මං කරුණු පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම බලමු software එකක් crack කරන්නේ කොහොමද කියලා. සල්ලි ගෙවලා ගන්න තියන software එකක් install කලාම ඒක original license එක නැත්නම් original activation key එක පරිශීලකයා (user) ළඟ තියනවාද කියලා පරීක්ෂා කරලා බලනවා. Activation key එක නැත්නම් software එක භාවිත කරන්න බැරි වෙනවා. ඉතින් ඔතනදි activation key එක තියනවාද කියල පරීක්ෂා වෙන ක්‍රියාවලිය නැවැත්තුවොත් වැඩේ හරිනේ. සල්ලි ගෙවලා key එක ගන්නෙ නැතුව software එක භාවිත කරන්න පුළුවන්. ඔන්න ඔය කියන වැඩේ කරන්නේ කොහොමද? ඒකට උත්තර දෙන්න කලින් software එකක් හැදෙන විදිය ගැන බලමු. පරිගණකයේ වැඩ සිද්ද වෙන්නේ ද්විමය අංක ක්‍රමයෙන් හැදුණු භාෂාවකින්. මේ භාෂාව processor එකෙන් processor එකට වෙනස්. අපේ සාමාන්‍ය ගණිත ක්‍රමයේ 0 ඉඳන් 9 වෙනකම් ඔක්කොම ඉලක්කම් 10ක් තියනවා. ද්විමය අංක ක්‍රමයේ තියෙන්නේ ඉලක්කම් දෙකයි. ගොඩක් අවස්ථා වලදී එක 1 සහ 0 ලෙස යොදා ගැනෙනවා. සින්දුවක් play කරන්න කියලා පරිගණකයට විධාන කරන්න අවශ්‍...
Radius Images