Crack කරපු software භයානකද?

 ලංකාවේ ඇත්ත තත්වේ නම් ගොඩක් අය පාවිච්චි කරන්නේ හොරකම් කරපු softwares. ඒක හොඳද, ආරක්ෂාකාරී ද කියල ඔබ තීරණය කරන්න. මං කරුණු පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම බලමු software එකක් crack කරන්නේ කොහොමද කියලා.

සල්ලි ගෙවලා ගන්න තියන software එකක් install කලාම ඒක original license එක නැත්නම් original activation key එක පරිශීලකයා (user) ළඟ තියනවාද කියලා පරීක්ෂා කරලා බලනවා. Activation key එක නැත්නම් software එක භාවිත කරන්න බැරි වෙනවා. ඉතින් ඔතනදි activation key එක තියනවාද කියල පරීක්ෂා වෙන ක්‍රියාවලිය නැවැත්තුවොත් වැඩේ හරිනේ. සල්ලි ගෙවලා key එක ගන්නෙ නැතුව software එක භාවිත කරන්න පුළුවන්.

ඔන්න ඔය කියන වැඩේ කරන්නේ කොහොමද? ඒකට උත්තර දෙන්න කලින් software එකක් හැදෙන විදිය ගැන බලමු.

පරිගණකයේ වැඩ සිද්ද වෙන්නේ ද්විමය අංක ක්‍රමයෙන් හැදුණු භාෂාවකින්. මේ භාෂාව processor එකෙන් processor එකට වෙනස්. අපේ සාමාන්‍ය ගණිත ක්‍රමයේ 0 ඉඳන් 9 වෙනකම් ඔක්කොම ඉලක්කම් 10ක් තියනවා. ද්විමය අංක ක්‍රමයේ තියෙන්නේ ඉලක්කම් දෙකයි. ගොඩක් අවස්ථා වලදී එක 1 සහ 0 ලෙස යොදා ගැනෙනවා.

සින්දුවක් play කරන්න කියලා පරිගණකයට විධාන කරන්න අවශ්‍යයි කියලා හිතන්න. පරිගණකයට අපේ භාෂාව තේරෙන්නේ නෑනෙ. ඒ නිසා අපිට ඒ දෙන විධානය පරිගණක බසට, ඒ එකේ සහ බින්දුවේ ඉලක්කම් වලට හරවන්න වෙනවා.

මුල්ම කාලේ මෘදුකාංග ඉංජිනේරුවරු මේ වැඩේ අතින් ගණන් හදලා තමයි කළේ. ඊට පස්සේ මේ වෙනුවෙන් assembly language කියලා භාෂාවක් හැදුවා. Assembly භාෂාව පරිගණක භාෂාවට හරවන්න යොදා ගන්න මෘදුකාංගයට තමයි assembler කියන්නේ. Assembly බසින් පරිගණකයට උපදෙස් දෙන එකත් හරිම සංකීර්ණයි. ඒ නිසා assembly බසට වඩා හොඳ භාෂා නිර්මාණය වුණා. ඒවාට කියනවා high level programming languages කියලා. එහෙම භාෂාවකින් ලියලා තියන උපදෙස් මාලාවට "source code" නැත්නම් මුලාශ්‍ර කේත කියනවා.

Source code එක පරිගණක බසට හැරෙන්නේ පියවර දෙකකට. මුලින්ම compiler කියලා හඳුන්වන මෘදුකාංගය source code එක assembly භාෂාවට හරවනවා. ඊට පස්සේ ඇසම්බලර් එක තමයි ඒක පරිගණක බසට හරවන්නේ.

Crack කරද්දී කරන්නේ පරිගණක භාෂාවෙන් තියන software එක මුලින්ම assembly භාෂාවට හරවාගන්නව. ඕනෙනම් එක high level programming language එකකට හරවාගන්නත් පුළුවන්. ඒ විදියට software එකේ source code එක හදාගන්නවා. දැන් source code එක කියවා බලලා අර activation key එක check කරන්න උපදෙස් දෙන කේත කොටස් ඉවත් කරනවා හෝ අවශ්‍ය විදියට වෙනස් කරනවා. ඊට පස්සේ ආයෙත් එක පරිගණක බසට හරවනවා. ඒ විදියට crack කරපු software එක දැන් ලාබෙට හොරෙන් හොරෙන් විකුණන්න පුළුවන්.

Crack කරපු software භාවිත කරන එක අනතුරුදායක වෙන්නේ අපිට ක්‍රැකර්ව විශ්වාස කරන්න බැරි නිසයි. ඔහු software එකට අමතරව තව මොන මොන දේවල් crack එකේ දාලා තියනවාද කියල කොහොමද දැනගන්නේ? පෞද්ගලික තොරතුරු හොරකම් කරන malware වැඩ කරන්නේ හොර රහසේමයි කියලත් මතක තියාගන්න.

Software එක crack කරන hackerට පුළුවන් වෙනවා crack එක ඇතුලට keyloggers වගේ භයානක malware දාන්න. එහෙම crack භාවිත කරල කරදරේ වැටුනු ව්‍යාපාරිකයො පවා ලංකාවෙ ඉන්නවා. ඉස්සර නම් එහෙම කරදරේ වැටුන අය ගැන ලංකාදීප පත්තරේ ලිපි පළ වුණා.

ඔයා crack කරපු software භාවිත කරනවානම් ඒ software එක crack කරපු ක්‍රැකර්ව විශ්වාසද? Malware සහ spyware උත්සහ ගන්නෙ පුළුවන් තරම් හැංගිලා, userටයි anti virus එකටයි හොරෙන් තමන්ගෙ වැඩෙ කරගන්න. සමහර අවස්ථා වල userට නොදැනී අවුරුදු ගානක් userගෙ පෞද්ගලික තොරතුරු එකතු කරනවා වෙන්න පුළුවන්. 

ඉතින් ඕකයි කතන්දරේ. Comment කරන්න, කැමති නම් email එක දාලා  subscribe කරලා මම අළුත් post එකක් පල කළා ම email notification එකක් ලබා ගන්නත් පුළුවන්. මම හැම ඉරිදාවක ම අළුත් ලිපියක් පළ කරනවා. 

Comments

Popular posts from this blog

ක්‍රියාකාරී ගොනු අහිංසක නැත

Free software හොඳ ද? (Free vs Proprietary software)

Linux වල සිංහල font නිිවැරදි ව display කිරීම

Radius Images