ක්‍රියාකාරී ගොනු අහිංසක නැත
ඔබ පරිගණකය භාවිත කරන අයෙකුනම් ගොනුවක් (file) කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ඇති. පරිගණකයක දත්ත තියෙන්නේ ගොනු විදියට. මේ ගොනු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ක්‍රියාකාරී ගොනු දත්ත ගොනු හැම ෆයිල් එකක් ම දත්තයක්. නමුත් ඒ දත්ත මොනවද කියන දේ මත තමයි මම ගොනු ඉහත වර්ගීකරණයට ලක් කරන්නේ. සින්දුවක්, ඡායාරූපයක් වගේ දේවල් දෙවෙනි වර්ගයටයි අයිති. ඒ කියන්නේ සාමාන්‍ය දත්ත. ඒත් පරගණක වල තව දත්ත වර්ගයක් තියනවා. ඒව තමයි "උපදෙස්". පරිගණක ඒකට ලැබෙන හැම උපදෙසක්ම පිළිපදිනවා. ඒවා හොඳ ද නරක ද කියල බලන්නෙත් නෑ. ලැබෙන උපදෙස් වල කියන දේ පරිගණකය කරනවා. ඒ නිසා තමයි මං ඒ දත්ත වර්ගයට ක්‍රියාකාරී දත්ත කියලා කිව්වේ. නරක උපදෙස් වලටම තමයි අපි "malicious programs" නැත්නම් malware කියලා කියන්නේ. ගොඩක් අයට නම් හුරු computer virus කියන වචනෙ. බොහෝ අවස්ථා වලදී ක්‍රියාකාරී දත්ත වුණත් ඉබේම ක්‍රියාත්මක වෙන්නේ නෑ. User තමයි ඒවා ක්‍රියා කරවන්න ඕනේ. ගොඩක් වෙලාවට computer malware පරිශීලකයාව රවටවල ඔහු ලවා තමාව ක්‍රියා කරවගන්නව. සමහර malware මෙහෙයුම් පද්ධතියේ දුර්වලකම් හරහා තමන්ව ක්‍රියා කරවගන්නවා. ඒත් එ...