ක්‍රියාකාරී ගොනු අහිංසක නැත
ඔබ පරිගණකය භාවිත කරන අයෙකුනම් ගොනුවක් (file) කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ඇති. පරිගණකයක දත්ත තියෙන්නේ ගොනු විදියට. මේ ගොනු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
- ක්‍රියාකාරී ගොනු
- දත්ත ගොනු
හැම ෆයිල් එකක් ම දත්තයක්. නමුත් ඒ දත්ත මොනවද කියන දේ මත තමයි මම ගොනු ඉහත වර්ගීකරණයට ලක් කරන්නේ. සින්දුවක්, ඡායාරූපයක් වගේ දේවල් දෙවෙනි වර්ගයටයි අයිති. ඒ කියන්නේ සාමාන්‍ය දත්ත. ඒත් පරගණක වල තව දත්ත වර්ගයක් තියනවා. ඒව තමයි "උපදෙස්".
පරිගණක ඒකට ලැබෙන හැම උපදෙසක්ම පිළිපදිනවා. ඒවා හොඳ ද නරක ද කියල බලන්නෙත් නෑ. ලැබෙන උපදෙස් වල කියන දේ පරිගණකය කරනවා. ඒ නිසා තමයි මං ඒ දත්ත වර්ගයට ක්‍රියාකාරී දත්ත කියලා කිව්වේ.
නරක උපදෙස් වලටම තමයි අපි "malicious programs" නැත්නම් malware කියලා කියන්නේ. ගොඩක් අයට නම් හුරු computer virus කියන වචනෙ.
බොහෝ අවස්ථා වලදී ක්‍රියාකාරී දත්ත වුණත් ඉබේම ක්‍රියාත්මක වෙන්නේ නෑ. User තමයි ඒවා ක්‍රියා කරවන්න ඕනේ. ගොඩක් වෙලාවට computer malware පරිශීලකයාව රවටවල ඔහු ලවා තමාව ක්‍රියා කරවගන්නව. සමහර malware මෙහෙයුම් පද්ධතියේ දුර්වලකම් හරහා තමන්ව ක්‍රියා කරවගන්නවා. ඒත් එහෙම malware අපිට නිතර හමු වෙන්නේ නෑ.
Malware එකක් ඔයාවත් කවදාහරි රවට්ටයි. ඒකෙන් බේරෙන්න නම් malware එකේ උප්පරවැට්ටි ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. Malware එකක හැම උපක්‍රමයක්ම නම් මේ ලිපියෙන් අවරණය නොවේවි.
ක්‍රියාකාරී දත්ත ගොනු තියෙන්න පුළුවන් වර්ග කීපයක් තියනවා. අපි ඒ ගැන විමසමු.
Executable files (.exe)
මේ වර්ගයට තමයි ගොඩක් ක්‍රියාකාරී ගොනු පවතින්නේ. බොහෝ දෙනෙක් දන්න ගොනු වර්ගයක් තමයි මේ. පරිශීලකයා මේ ගොනු වර්ගය ක්‍රියාකාරී ගොනු වර්ගයක් කියලා අඳුරනව. ඒ නිසා මේ ගොනු වර්ගයට ගොඩක් ම පවතින්නේ malware නෙමෙයි සාමාන්‍ය මෘදුකාංග.
Batch files (.bat)
පරිගණකයේ ප්‍රධාන අතුරු මුහුණත් (interfaces) දෙකක් තියනවා. එකක් අපි හැමෝම නිතර භාවිත කරන රූප සහිත අතුරු මුහුණත (graphical user interface). අනික තමයි අක්ෂර භාවිතයෙන් පරිගණකය හසුරුවන අතුරු මුහුණත (command line interface). මේ අතුරු මුහුණත් දෙකේදිම පරිගණකය හසුරුවන්නෙ පරිශීලකයා දෙන විධාන වලින්.
අක්ෂර මුලික අතුරු මුහුණතට CLI යන යෙදුම යොදනවා. රූපික අතුරු මුහුණතට GUI යන්න යොදනවා.
GUI භාවිත කරද්දී පරිශීලකයා ෆෝල්ඩරයක් ක්ලික් කිරීමෙන් පරිගණකයට එම ෆෝල්ඩරය විවර කරන්න කියලා විධාන කරනවා. CLI භාවිතයේදී විධානය ලබා දෙන්නේ වචනයක් ටයිප් කිරීමෙන්.
CLI භාවිතයේදී ටයිප් කරන විධාන ගොනුවක සේව් කර පසුව ඒවා පරිගණකය ලවා ක්‍රියා කළ හැකියි. මේ ආකාරයෙන් සේව් කරන ගොනු batch files වේ. Batch file එකක් ක්‍රියා කිරීමෙන් එහි ඇති විධාන එකින් එක පරිගණකය අනුගමනය කරයි. මෙය සාමාන්‍ය software මෙන්ම malware විසින් ද බහුලව භාවිත කරන ගොනු වර්ගයකි.
Script Files
Script file ලියලා තියෙන්නේ අපිට තේරෙන භාෂාවෙන්. ඒත් ඇත්තටම පරිගණකයට අපේ භාෂාව තේරෙන්නේ නැති නිසා script file එකකට ක්‍රියාත්මක වෙන්න නම් එකේ තියන උපදෙස් එකින් එක පරිගණක භාෂාවට පෙරළන්න වෙනවා. මේ වැඩේට භාවිත කරන වැඩසටහනට (program) තමයි interpreter කියන්නේ.
Interpreter programs ගොඩක් තියනවා. ඒ නිසාම තියෙන්න පුළුවන් scripting file වර්ගත් ගොඩක් තියනවා. Python, Visual Basic scripts, visual c# scripts වගේ scripting ෆයිල් වර්ග ගොඩක් තියනවා.
මං කලින් කිව්වනෙ scripting file එකකට වැඩ කරන්නන් ඒකට ගැලපෙන interpreter එකක් තියෙන්න ඕනේ කියල. ඔයා ඔයාගේ පරිගණකයට interpreter එක install කරලා නැත්නම් script file එකට වැඩ කරන්න බෑ.
මතක තියාගන්න Visual Basic, visual c#, JavaScript සහ batch script වල interpreter වින්ඩෝස් වල කලින්ම install කරලයි තියෙන්නේ. ඒ නිසා ඒ ගොනු වර්ග ගැන සැලකිලිමත් වෙන්න.
මම මේ වෙද්දි ක්‍රියාකාරී ගොනු කීපයක සවිස්තරාත්මක විස්තර ඉදිරිපත් කළා. තව ක්‍රියාකාරී ගොනු ගොඩක් තියනවා. මම ඒවා පහලින් පෙළ ගස්වන්නම්.
- .bin - binary executable
- .cmd - command script
- .com - command file
- .gadget - windows gadget
- .inx - InstallShield Compiled Script
- .paf - Portable Application Installer File
- .pif - Program Information File
සින්දුවකුයි, ඡායාරූපයකුයි, ක්‍රියාකාරී ගොනුවකුයි වෙන් කරලා හදුනාගන්නේ කොහොමද? පිළිතුර තමයි file extention එක.
File extention එක කියන්නේ ගොනුවක නමේ නැවතීමේ තිතට පස්සේ තියන කොටස. ගොනුවේ නම hello.mp4 නම් mp4 කියන්නේ file extention එක. Photo.exe කියලා ගොනුවක් තිබ්බොත් exe කියන්නේ extention එක. ගොනුවේ නමේ තිත් දෙකක් තිබ්බොත් extention එක වෙන්නේ අවසාන තිතට පස්සේ කොටස. Hello.mp3.zip කියලා තිබ්බොත් extention එක zip.
Windows වල හැම අවස්ථාවකම file extention එක පෙන්වන්නේ නෑ. හැම අවස්ථාවකම file extention එක පෙන්වන්න නම් එක settings වලින් හදන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි.
ක්‍රියාකාරී ගොනු තුළ හැංගිලා ඉන්න malware වලින් බේරෙන්න නම් file එක විවෘත කරන්න කලින් file එක්ස්ටෙන්ෂන් එකෙන් හරියටම ෆයිල් එකේ වර්ගෙ, ජාතිය, ආගම දැනගෙන ඉන්න. Photo එකක extension එක ".pif" වෙන්න බෑ. සින්දුවක extension එක ".bat" වෙන්න හේතුවක් නෑ. අන්තර්ජාලයෙන්, නැත්නම් යාලුවාගෙන් ගන්නෙ film එකක්, photo එකක් නැත්නම් pdf එකක් කියලා හිතාගෙන හිටියට ඒක ඇත්තටම ක්‍රියාකාරී ගොනුවක් වෙන්න පුළුවන්.
පහලින් තියන ක්‍රියාකාරී ගොනුවල ෆයිල් extension ටික මතක තියාගන්න. ඊළඟ වතාවෙ ඔයා විවෘත කරන ෆොටෝ එකේ extention එක පහළ ලිස්ට් එකේ තියන එකක් නම් ඒක ෆොටෝ එකක් නෙමෙයි වෙස් වලගත් malware එකක් කියලා මතක තියාගන්න.
- .pif - Program Information File
- .vba - Visual Basic for Applications
- .vbs - Visual Basic Script
- .exe - Executable file
- .com - Command file
- .cmd - Command Script
- .bat - Batch Script
- .msi - Windows Installer Package
- .reg - Windows Registry File
- .ws - Windows Script
- .wsc - Windows Script Component
- .wsf - Windows Script
- .cpl - Control Panel Extension
- .lnk - Shortcut
patta ... supiri ... digatama karagena yanna............
ReplyDelete