BleachBit (System එකේ කුණු සුද්ද කරමු)

BleachBit ගැන මේ ලිපිය ලියන්නෙ Youtube community post එකක කෙනෙක් අහල තිබ්බ ප්‍රශ්නයකට පිළිතුරු විදිහට. ගොඩක් අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි System එකේ cache files, temporary files වගේ disk space නාස්ති කරන junk files ගොඩ ගැහෙන එක. මේ file නිසා කාලයක් යද්දි system එක slow වෙන්න ගන්නවා. ඒ නිසා මේවා clean කරන එක ගොඩක් වැදගත්. ඉතින් මෙතනදි අපේ උදවුවට ඉන්නෙ සුප්‍රසිද්ධ BleachBit Software එක.

BleachBit තියෙන්නෙ junk file සුද්ද කරන්න විතරක් නෙමෙයි. මේක Swiss Knife එකක් වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් software එකක්. ඇමරිකානු ජනාධිපතිවරණයේ දි Donald Trumpට එරෙහිව තරඟ වැදුන Hilary Clinton පවා මේ software එක තමන්ගෙ පෞද්ගලික email ආරක්ෂිතව මකා දමන්න භාවිත කරපු software එකක් තමයි bleachbit කියන්නෙ.

Files ආයෙ Recover කරන්න බැරි විදිහට සදහටම delete කරන විදිහත් ලිපියේ පහළින් තියනවා

කොහොමද BleachBit download කරන්නෙ?

BleachBit කියන්නෙ Free, Open Source software එකක්. ඒ නිසා crack හොය හොය මහන්සි වෙන්න ඕනෙ නෑ. Free නිසා වෙන වෙන site වලින් නෙමෙයි, official website එකෙන් ම download කරගන්න.

Official Website
Download Link

තමන්ගෙ OS එකට ගැලපෙන version එක තොරගන්න. ඒකෙත් Installer එකට අමතරව Portable version එකක් තියනවා. Portable එක install කරන්න ඕනෙ නෑ. මම නම් installer එක තමයි download කරගත්තෙ.

Use කරන විදිහ

Download කරගෙන install කළාම මේ විදිහෙ පෙනුමක් තමයි bleachbit වලට තියෙන්නෙ. Open කරනකොට සමහර විට admin priviliges ඉල්ලයි Windows Junk Files සුද්ද කරන්න අවශ්‍ය නිසා.

ඔයාට රූපයේ පේනවා ඇති panels දෙකක් තියනවා මම 1,2 කියලා දාලා. (1) panel එකේ තියෙන්නෙ විවිධ file operations. (2) panel එකේ තමයි software එක මොනවා හරි කළාම ඒකෙ output එක එන්නෙ.

මම ඉහත රූපයේ (1) panel එක, ඒ කියන්නෙ toolbar එක highlight කරලා තියනවා. ඒ toolbar එකේ categories තියනවා. ඒ categories යටතේ itmes තියනවා සහ ඒ items වලට checkbox තියනවා. ඉතින් ඔයාට bleachbit වලින් මොනවා හරි කරන්න ඕනෙ නම්, ඔයාට කරන්න තියන task එකට අදාල check box එක select කරන්න ඕනෙ. System cache clear කරන එකේ ඉඳන් browser cache clear කරන එක දක්වා විවිධ task ඔතන තියනවා.

ඕනෙ task ටික තොරගත්තට පස්සෙ වම් පස ඉහල කෙරවලේ buttons තුනක් තියනවා (පහළ රූපය බලන්න). එතනින් Preview කියන button එක click කරලා ඔයා select කරපු task ටික run කළා ම වෙන්න යන දේ (2) panel එකෙන් බලා ගන්න පුළුවන්. Files delete කරන්න කලින් delete වෙන්න යන file ගැන අදහසක් ගන්න මේ option එක ගොඩක් ප්‍රයොජනවත් වෙනවා. මේකෙන් ඔයාට confirm කරගන්න පුළුවන් වැදගත් file වලට හානියක් වෙන්නෙ නෑ කියලා.

මතක තියාගන්න tasks වලින් deep scan කියන category එකේ tasks මුළු Hard disk එකේම files check කරලා බලනවා. ඒ නිසා ඒකට ගොඩක් වෙලාව යනවා.

ඔයා මොකක් හරි task එකක් උඩ click කළොත් ඒ category එකේ tasks ගැන විස්තරයක් (2) panel එකේ පෙන්නනවා. මොන tasks ද තොරගන්න ඕනෙ කියලා තීරණය කරන්න මේ තොරතුරු ගොඩක් වැදගත්.

Clean කිරීම

ඔයා ඔයාට අවශ්‍ය task ටික හරියට තොරගත්තට පස්සෙ වම් අත පැත්තෙ කෙරවලේ තියන button තුනෙන් Clean කියන button එක click කරලා task ටික ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ button එක ඔබද්දි පරිස්සමින්, files delete කිරීමේ කටයුතු ආරම්භ කරන්නෙ මේ button එකෙන්.

Task ක්‍රියාත්මක වෙද්දි ඔයාට ඒ ගැන (2) panel එකෙන් බලාගන්න පුළුවන්. පහළ තියෙන්නෙ මම ඒ විදිහට Junk File clean කළාට පස්සෙ මට ලැබුණ output එක.

සාමාන්‍යයෙන් තොරගන්න ඕනෙ task මොනවා ද?

සාමාන්‍යයෙන් ඔයාට System එකේ junk clear කරන්න ඕනෙ නම් System category එකෙන් Prefetch, tempory files, logs වගේ tasks තොරගන්න පුළුවන්. ඒ වගේම ඕනෙනම් Web Browser සම්බන්ධ task තොරගන්නත් පුළුවන්. Web Browser Cache සුද්ද කළොත් ආසන්න වශයෙන් 2GB විතර recover කරගන්න පුළුවන් වෙනවා.

File Shred කරන්නෙ කොහොමද?

මේක තමයි BleachBit වල තියන විශිෂ්ඨතම feature එක. අපි සාමාන්‍යයෙන් file එකක් delete කරද්දි ඒක delete වෙන්නෙ ආයෙත් recover කරගන්න පුළුවන් විදිහට. පෞද්ගලික දත්ත delete කළාම ආයෙත් recover කරගන්න පුළුවන් වෙන එක ආරක්ෂාවටත් පෞද්ගලිකත්වයටත් තර්ජනයක් වෙන්න පුළුවන්. ඒත් bleach bit වලින් shred කරන files ආයෙත් recover කරගන්න බෑ.

File shred කරන්න වම් අත පැත්තෙ කෙරවලේ තියන button වලින් bleach bit icon එක තියන button එක select කරන්න. එතකොට open වෙන menu එකෙන් Shred Files කියන එක click කරන්න. ඊට පස්සෙ ඔයාට පුළුවන් shred කරන්න ඕනෙ file එක තොරගෙන delete (shred) කරන්න.

* * * *

ඔන්න අද ටිකක් දිග ලිපියක් ගෙනාව. ප්‍රශ්න තියනවා නම් අනිවාර්යෙන් ම comments වල අහන්න. නැත්නම් slrootkit@gmail.com වෙත email එකක් එවන්න. එහෙනම් ලබන ඉරිදට Software License ගැන සහ Free Software ගැන ලිපියකින් මුන ගැහෙමු. Subscribe කරලා නැත්නම් පහළින් email එක දාලා subscribe කරන්න. එතකොට අළුත් ලිපි ගැන ඔයාට email ලබා ගන්න පුළුවන්.

සුභ දවසක්!

Comments

Popular posts from this blog

ක්‍රියාකාරී ගොනු අහිංසක නැත

Free software හොඳ ද? (Free vs Proprietary software)

Linux වල සිංහල font නිිවැරදි ව display කිරීම

Radius Images