කෘත්‍රිම බුද්ධිය software development ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරයි

කෘත්‍රීම බුද්ධිය scifi film වල තියන තරමට ම දියුණුයි කියලා කවුද හිතුවේ? බුද්ධියක් අවශ්‍ය නොවෙන රැකියා යකඩ යන්ත්‍ර වලින් කලින් ම ආක්‍රමණය කළා. ඒත් කවුද හිතුවෙ යන්ත්‍ර සූත්‍ර, software development වගේ බුද්ධිය අවශ්‍ය රැකියාත් ආක්‍රමණය කරයි කියලා. 🤔 මේ කියන්න යන්නේ OpenAI සමාගමේ GPT-3 කෘත්‍රීම බුද්ධි පද්ධතිය ගැන.

බුද්ධිය අවශ්‍ය නැති රැකියා කරන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්නෙ. මේ නිසා මේවට ලැබෙන වැටුපත් අඩුයි වගේම මේ රැකියා වල රැකියා සුරක්ෂිතභාවයත් අඩුයි. ඒ නිසානෙ දෙමව්පියො ළමයින්ට හොඳට ඉගෙන ගන්න කියන්නෙ. ලංකාවෙ නම් තවම ඔය විදිහේ කම්කරු රැකියා කරන්නෙ මිනිස්සු. ඒත් ඔයාලා දැකලා තියනවද Amazon වගේ companies තමන්ගෙ warehouse වල වැඩ කරන විදිය. එයාල ගොඩක් මිනිස් ශ්‍රමය අවශ්‍ය වැඩ කරන්නෙ රොබෝවරු ලවා. ඒත් ඒ සමාගම් වල මිනිස්සුත් වැඩ කරනවා. ඒ වැඩ රොබොලටත් කරන්න පුළුවන් නිසා Amazon සමාගම මේ මිනිස් සේවකයන්ට සළකන්නෙත් රොබෝලා විදියට. ඒ නිසා සේවකයො විවිධ අවස්ථා වල උද්ගොෂණ කරනවා තමන් රොබෝලා නෙමෙයි, පණ තියන මිනිස්සුයි කියලා සමාගමට මතක් කරන්න.

මේ සමාගම් වලට ඕනෙම අවස්ථාවක සේවකයන්ව ඉවත් කරලා ඒ වැඩ වලට රොබෝලා දාන්න පුළුවන් නිසා මේ සමාගම් සේවක ඉල්ලීම් ගැන හිතන්නෙවත් නෑ. ඒත් දැන් දැන් කෘත්‍රීම බුද්ධිය (AI), බුද්ධිය අවශ්‍ය රැකියා ආක්‍රමණය කරන්නත් පටන් අරන්. යම් දෙයක් දිහා බලලා තොරාගැනිමක් කිරිම වගේ (අඹ ගොඩකින් ඉදුනු අඹ තෝරනවා වගේ) බොහොම ප්‍රාථමික දේවල් විතරයි මේ AI පද්ධති වලට කරන්න පුළුවන් වුණේ. ඒත් දැන්, ඒලොන් මස්ක්ගේ OpenAI සමාගම GPT-3 කෘත්‍රීම බුද්ධි පද්ධතිය නිර්මාණය කිරීමත් එක්ක AI වලට පෙර නොවූ විරූ දේවල් කරන්න පුළුවන් වෙනවා.

GPT-3 කියන්නෙ Generative Pre-trained Transformer 3 කියලා හඳුන්වන Neural Network එක. දැනට ලෝකයේ තියන දියුණුම කෘත්‍රීම බුද්ධි පද්ධතිය කිව්වත් නිවැරදී. මේක ඇත්තටම Language Prediction Model එකක්. ඒ කියන්නෙ මේක භාවිතයට ගන්නෙ මිනිස් භාෂාව හා සම්බන්ධ කෘත්‍රීම බුද්ධි කටයුතු සඳහා. උදාහරණයක් කියනවා නම් ඇත්ත මිනිහෙක් වගේම chat කරන්න GPT3 වලට පුළුවන්. ඔයා හිතනවා ඇති Apple වල Siriටත් මේ වැඩේ කරන්න පුළුවන්නෙ කියලා, ඒත් siri වගේ රොබෝ කෙනෙක් විදිහට නෙමෙයි, ඇත්තම මිනිහෙක් වගේ ම මේකට chat කරන්න පුළුවන්.

GPT3 වලින් තාම සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් දේවල් කරන්න ලැබිලා නෑ. ඒත් කලින් version එක, ඒ කියන්නෙ GPT2 AI පද්ධතිය යොදාගෙන blog post පවා ලියපු මිනිස්සු හිටියා. ඒ විදිහට මේ කෘත්‍රීම බුද්ධිය හදපු content ඇත්තම මිනිහෙක් කරපු නිර්මාණ කියලා හිතලා සමහර අය ඒ blog එකට subscribe කරලත් තිබුණා. තවත් අවස්ථාවක කලා අංශයෙන් උපාධිය කරන ශිෂ්‍යයෙක් තමන්ගෙ assignment කරන්න මේ GPT2 පද්ධතිය යොදාගෙන තිබුණා. O/L විභාගයේදි සාහිත්‍ය වගේ විෂයන්ට ඡේදයක් දීලා ඒ ඇසුරෙන් ප්‍රශ්න අහනවා. GPT3 වලට පුළුවන් ඒ වගේ ප්‍රශ්න වලට 100% නිරවද්‍යතාවයෙන් පිළිතුරු දෙන්න.

ඇමරිකාවේ දි මිනිස්සු 80කට GPT3 පද්ධතියෙන් හැදුව ලිපි සහ මිනිස්සු නිර්මාණය කරපු ලිපි දීලා GPT3 වලින් නිර්මාණය කරපු ලිපි හොයන්න කියලා කරපු පරීක්ෂණයක දී ඔවුන්ට නිවැරදිව හඳුනා ගන්න පුඵුවන් වෙලා තියෙන්නෙ ලිපි වලින් 48% පමණයි. මේ තත්වයත් එක්ක GPT3 පද්ධතිය හැමෝටම භාවිත කරන්න දෙන්නෙ නෑ කියලා OpenAI සමාගම කියනවා. මොකද GPT3ට පුළුවන් සමාජයට ලොකු බලපෑමක් ඇති වෙන විදිහට, ව්‍යාජ පුවත් වගේම දරුණු conspiracy theory නිර්මාණය කරන්න. GPT3 වල ස්වභාවික භාෂා හැකියාවෙන් සමාජයට හානියක් වෙන්න දෙන්නෙ නෑ කියලා OpenAI සමාගම කියනවා.

Software Development අංශයට කෘත්‍රීම බුද්ධියේ ආගමනය

GPT3 භාව්තා කරන්න තියන සම්පූර්ණ අයිතිය 2020 සැප්තැම්බර් මාසෙ ඩොලර් බිලියනයක මුදලකට Microsoft සමාගම ලබා ගන්නවා. ඒ නිසා දැන් කාටහරි GPT3 භාවිත කරන්න ඕනෙ නම් Microsoft වල අවසරය ඕනෙ. Github සමාගමත් අයිති Microsoft සමාගමටමයි. (Github කියන්නෙ ලෝකෙ ලොකුම software development platform එක). GPT3 AI පද්ධතිය software development field එකට එන්නෙ Github සමාගම Github Copilot ව්‍යාපෘතිය ප්‍රසිද්ධ කිරීමත් එක්ක.

මේ වෙද්දි Microsoft සමාගම Github Copilot project එකේ insider build නිකුත් කරලා තියනවා. ඒ නිසා මේ වෙලාවෙ නොමිලේ මේ කෘත්‍රීම බුද්ධිය අත්හදා බලන්න පුළුවන්. Final product එක නම් paid product එකක් විදිහට දෙනවා කියලයි Github සමාගම කියන්නෙ. මට ලැබිලා තියන කාලය මදිකම නිසා මට තවම Copilot අත්හදා බලන්න බැරි වුණා. ඒත් මේක අත්හදා බලපු developersලා ගොඩදෙනෙක් ඉන්නවා.

Coding දන්න අය දන්නවා අපි code එකක් ලියද්දි ඒ code එකෙන් කරන දේ පැහැදිලි වෙන්න comment දානවා. ඒ වගේම variable සහ function වලට අර්ථවත් නම් දානවා. GPT3 වලට පුළුවන් comment, variable names සහ function names කියවලා ඒකට ගැලපෙන්න code එක ලියන්න. පැහැදිලිව කියනවා නම් code එකෙන් වෙන්න ඕනෙ මොකක්ද කියලා comments වලින් කිව්ව ම GPT3 code එක සම්පූර්ණ කරනවා.

Developerගෙ හිත කියෙව්වා වගේ පුදුම හිතෙන output එකක් තමයි මෙයා generate කරන්නෙ. පොඩි ගැටළුවක් නම් තියනවා. GPT3 පුහුණු කරන්න යොදා ගෙන තියෙන්නෙ stackoverflow forum එකෙන් සහ github වලින් ම එකතු කරගත්තු දත්ත. ගොඩක් Github repository තියෙන්නෙ open source licenses යටතෙ. ඒ නිසා Copilot වලින් Copyright සම්බන්ධ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒත් අළුත් ම content නිර්මාණය කරන්න GPT3ට තියන හැකියාව නිසා නිසා copyright violation එකක් වෙන්න තියන ඉඩ 0.01% කියලා තමයි Github සමාගම කියන්නෙ.

මීට කලිනුත් software development වලට කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ වුණා. ඉස්සරත් AI coding assistantලා හිටියා. Wix වගේ AI ආශ්‍රයෙන් web development කරන ආයතනත් තියනවා. ඒත් තවම Proffesional website එකක් හදන්න මිනිස් web developer කෙනෙක් අවශ්‍යමයි. මම නම් හිතන්නෙ නෑ GPT3, software development රැකියා නැති කරයි කියලා. Copilot Project එක software developerලාගෙ වැඩ වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. Computer science අංශයේ රැකියා වලට ඉස්සරහට AI ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වටීවි.

මම මේ ලිපිය මෙතනින් ඉවර කරනවා. කැමති අය Google Machine Learning Crash Course එක follow කරලා කෘත්‍රීම බුද්ධිය ගැන ඉගෙන ගන්න. මේ වගේ වැදගත් දේවල් දිගට ම දැන ගන්න හැම ඉරිදා ම SLRootKit.blogspot.com වලට එන්න. ලිපිය share කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ඔයාට Linux ගැන තියන ප්‍රශ්න වගේම ඔයාගෙ යොජනාත් slrootkit@gmail.com වලට email කරන්න.

ලබන සතියෙ ලිපිය Linux File Permission ගැන. පහළින් email එක දාලා blog එකට subscribe කළොත් අළුත් ලිපු publish කරපු ගමන් ම ඒ ගැන email එකකින් දැනගන්න පුලුවන්.

සුභ දවසක්!

කලින් කියන්න අමතක වුණා, thispersondoesnotexist.com Website එකට පුළුවන් පෘතිවියේ කවදාවත් නොහිටපු කෙනෙක්ගේ රූප AI යොදාගෙන නිර්මාණය කරන්න. තාම කෘත්‍රීම බුද්ධිය ගැන ඔයා පුදුම වුණේ නැත්නම් ඔය website එකට ගිහින් පුදුම වෙන්න.

Comments

  1. thanks :), AI ගැන අලුත් පුදුමහිතෙන දේවල් ගොඩක් දැනගන්න පුලුවන් උනා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ක්‍රියාකාරී ගොනු අහිංසක නැත

Free software හොඳ ද? (Free vs Proprietary software)

Linux වල සිංහල font නිිවැරදි ව display කිරීම

Radius Images