Malware ගැන දැනගන්න.
Computer Virus කියන්නෙ මොකක්ද? මේ ප්‍රශ්නෙට නම් උත්තරේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් Virus කරදරකාරී කියන එකට වඩා දෙයක් ගොඩක් අය ඒ සම්බන්ධයෙන් දන්නෙ නෑ. Userට බාධා කරනවා වගේ බොහොම අහිංසක විහිළු සඳහා වගේම න්‍යෂ්ටික විදුලි බලාගාර වල යුරේනියම් නිස්සාරක විනාශ කිරීම වගේ දරුණු දේවල් කිරීමටත් Computer virus යොදාගෙන තියනවා. මේ සතියෙ ලිපියෙන් ඉදිරිපත් කරන්න මේ සම්බන්ධව සිත් ගන්නා සුළු කරුණු ගොඩක් හොයාගත්තා. සරල හැඳින්වීමක් පරිගණකයට හානිකර වැඩසටහන් හඳුන්වන්න පළවෙනි ඡේදයේ දී Computer Virus කියන වචනෙ යොදාගත්තත් ඒක නිවැරදි නෑ. නිවැරදි වචනෙ වෙන්නෙ “Malware”. මම “virus” කියන වචනෙ යොදා ගත්තෙ ඒක හුරුපුරුදු නිසා. Computer Virus එකක් කියන්නෙ එක Malware වර්ගයක් විතරයි. සරලව කියනවා නම් Virus කියන්නෙ Malware කියන විශාල කුලකයේ තියන කුඩා කුලකයක් විතරයි. Virus වලට අමතරව Worms, Spyware, Adware, Trojans, Ransomware වගේ ගොඩක් Malware තියනවා. ආකර්ෂණීය කතා වලට යන්න කලින් විවිධ Malware වර්ග ගැන සරලව විස්තර කරලා ඉන්නම්. Computer Virus Computer Virus කියන්නෙ පරිගණකයකින් පරිගණකයකට ඉබේ පැතිරීමේ හැකියාව තියන Malware එක...