Free software හොඳ ද? (Free vs Proprietary software)

ඔයා use කරන softwares free ද? ලංකාවේ ගොඩක් අයට නම් software හැම එකක්ම වගේ free තමයි. අපේ රටේ ගොඩක් අය සමහර software ගන්න ඕනෙ සල්ලි ගෙවල කියලා දන්නෙත් නෑ. හැබැයි ගොඩක් අය භාවිත කරන softwares වලින් බහුතරය නීත්‍යනුකූලවම නොමිලේ ලැබෙන ඒවා. ඒත් එහෙම නොමිලේ ලැබෙන හැම software එකක් ම free software එකක් වෙන්නෙ නෑ 🤔. Free software සහ Proprietary software අතරෙ තියන වෙනස ගැන හරියටම දැන ගනිමු මේ ලිපියෙන්.

Microsoft Windows, Mac OS කියන ප්‍රධාන පරිගණක මෙහෙයුම් පද්ධති දෙකම Proprietory Software. නීති විරොධීව ලබා ගත්තොත් හැරෙන්නට ඔයාට ඒවා නොමිලේ ලැබෙන්නෙ නෑ. ඒත් WhatsApp, Chrome, Microsoft Edge, Discord වගේ software ඔයාට නොමිලේ භාවිත කරන්න පුළුවන්. නොමිල් ලැබුණට මේවා free software නෙමෙයි. මේ හැම එකක් ම proprietary software කියන වර්ගයටයි අයිති වෙන්නෙ.

Software එක, ඒක හදන developerගේ බුද්ධිමය දේපලක්. ඒ බුද්ධිමය දෙපල userට භාවිත කරන්න අවසර ලබා දෙන බලපත්‍රය තමයි “End User License Agreement” කියන්නෙ. ගොඩක් අය කියවන්නෙත් නැතුව “I agree” කියලා මග හරින ලියවිල්ල තමයි මේ. Proprietary software වල License වල කියවෙන පොදු දෙයක් තමයි, software එක userට අයිති නෑ කියන එක. Software එකේ අයිතිය රැඳිලා තියෙන්නෙ ඒක හදපු සමාගමට. userට ලැබෙන්නෙ ඒක භාවිත කිරීමේ අයිතිය විතරයි. මේ නිසා තමයි නොමිලේ ලැබෙන Chrome වගේ software පවා Proprietary software වෙන්නෙ.

Oracle or its licensors retain all ownership and intellectual property rights to the Programs.

~ License Agreement for Oracle Java SE


We (and our licensors) remain the sole owner of all right, title, and interest in the Services and Software.

~ ADOBE Software License Agreement

Free Software මීට වෙනස්. Free software වල කතෘවරු ඒ මෘදුකාංග public domain එකේ තියන මෘදුකාංග බවට පත් කරනවා.

Public domain එකේ තියන දේපලකට කාටවත් සුවිශේෂී අයිතිවාසිකම් නෑ. Public Domain එකේ තියන බුද්ධිමය දේපල ඒක් පුද්ගයෙකුට අයිති නැති, සියලු දෙනාට පොදු අයිතියක් තියන නිර්මාණ කිව්වොත් නිවැරදී. විද්‍යාඥයින් සහ ගණිතඥයිනුත් බොහෝ වෙලාවට තමන්ගෙ සොයාගැනීම් public domain එකට පවරනවා. ගුත්තිල කාව්‍ය, ශේක්ස්පියර්ගේ නිර්මාණ වගේ දේවල් තියෙන්නෙත් Public domain එකේ.

මේ නිසා Free Software එකක් අනිවාර්යෙන්ම Open Source වෙන්න ඕනෙ. ඒ කියන්නෙ ඒක නිර්මාණය කරන source code(මූලාශ්‍ර කේතය) ඕනෑම කෙනෙකුට බලන්න නීතිමය අවසරය තියෙන්න ඕනෙ. ඒ වගේම ඕනෑම කෙනෙකුට ඒ source code එක භාවිතයෙන් software එක modify කරන්න නීතිමය අවසරය තියෙන්න ඕනෙ. වැදගත් ම දේ, Free Software ජාතිය, ආගම, රට, රැකියාව, වයස වගේ කරුණු සලකන්නෙ නැතුව, ඕනෑම කෙනෙකුට භාව්ත කරන්න නීත්‍යානුකූල අයිතිය තියෙන්න ඕනෙ.

සමහර software භාවිතයට අවසර තියෙන්නෙ නිශ්චිත වයස් සීමාවකට වැඩි අයට විතරයි. තවත් අවස්ථා වල software එකේ කතෲවරයා software එක විවිධ කටයුතු වලට භාවිත කරන එක නීතියෙන් තහනම් කරලා software එක license කරනවා. උදාහරණයක් කියනවා නම්, සමහර software යුධමය කටයුතු වලට භාවිත කරන්න තහනම්. Software එකක් භාවිත කිරීමේ අයිතිය මෙහෙම කොන්දේසි මගින් සීමා කරනවා නම්, ඒක Free Software එකක් නෙමෙයි.

You must be 13 or older to register for an individual Adobe ID.

~ Adobe Software License

ගොඩක් වෙලාවට තියන මතයක් තමයි software එකක් open source නම් ඒක free software එකක් කියන එක. ඒ මතය වැරදියි. මූලාශ්‍ර කේතය ජනතාවට විවෘත කිරීම free software එකක තියන එක ලක්ෂණක් විතරයි. මම ලිපිය අවසානයේ proprietary open source software වලට උදාහරණ සපයන්නම්.

Public domain එකේ තිබුණත් free software භාවිත කරන්න බලපත්‍රයක් (license) ඕනෙ. Free software license එකකින් userට software එක භාවිත කරන්න, ඕනෑම පිටපත් ගණනක් බෙදා හරින්න සහ මූලාශ්‍ර කේත කියවන්න වගේම software එක වෙනස් කරන්නත් සීමාවකින් තොරව අවසර ලැබෙනවා.

Free Software License කීපයක්,

  • GPL
  • MIT
  • BSD
  • APACHE
  • LGPL
  • AGPL

GPL වගේ free software license වල තියන විශේෂ කොන්දේසියක් තමයි, GPL බලපත්‍රය යටතේ තියන software එකකට යම් කිසි වෙනස් කිරීමක් කරනවා නම් ඒ වෙනස් කිරීමත් GPL බලපත්‍රය යටතේ තිබිය යුතුයි කියන එක. MIT software license එකේ මේ විදියෙ රෙගුලාසි නෑ. ඒ නිසා MIT යටතේ තියන free software වල modifications free නොවෙන්නත් පුළුවන්.

Free Software වල වටිනාකම තියෙන්නෙ ඒවා නොමිලේ ලබා ගන්න පුළුවන් නිසා නෙමෙයි. Free Software වලින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා වෙනවා. ඒ වගේම, පෞද්ගලික පණිවුඩ හුවමාරුව, දත්ත ගුප්තකරණය වගේ සංවේදී දේ සම්බන්ධයෙන් විශ්වාස කරන්න පුළුවන් එකම software වර්ගය free software විතරයි.

Software එකක් open source වුණා ම ඒ software එක නිසි ආකාරයෙන්, ආරක්ෂාකාරීව කේතකරණය කරලා තියනවා ද, software එක user ගැන ඔත්තු බැලීම වගේ නීති විරෝධී දේවල් නොකරන ආරක්ෂිත software එකක් ද කියන දේවල් පරීක්ෂා කරලා බලන්න පුලුවන්. මේ නිසයි cyber security දන්න අය WhatsApp වගේ Proprietary software වලින් ඈත් වෙලා Signal වගේ software වලට මාරු වෙන්න කියන්නෙ. (Signal, GPL බලපත්‍රය යටතේ තියන App එකක්).

Blender(3D designing software), Kden live(Video editing software), Veracrypt(Data encryption software), Firefox, Brave browser වගේ හොඳ Free Software ගොඩක් තියනවා. Blender, Brave වගේ මෘදුකාංග නම් market එකේ අනිත් Proprietary software වලටත් හොඳ තරඟයක් දෙනවා.

මම මේ ලිපිය මෙතනින් ඉවර කරනවා. මම හිතනවා Free Software ගැන ඔයා නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ලිපිය කියවන්න කලින් ඔයා Free Software ගැන හිතන් හිටිය විදිහ පහළින් comment කරන්න. හැම ඉරිදාවකම slrootkit.blogspot.com වලට ඇවිත් දැනුම Upgrade කරගන්න ඔයාට පුලුවන්. Subscribe කරන අයට අළුත් ලිපි ගැන email ලබා ගන්න පුළුවන්. කලින් සතියේ පොරොන්දු වුණ Linux ගැන ලිපිය ලබන බදාදාට නිකුත් කරනවා.

සුභ දවසක්!

තව කරුණක්, Free Software වලට සිංහලෙන් කියන්නෙ නිදහස් මෘදුකාංග කියලා.


Open Source වුණත් free නොවෙන proprietary softwares වලට උදාහරණ කිහිපයක්.

  • Adobe Photoshop (1990 වර්ෂයේ version එක)
  • Java
  • Microsoft Word (1991 වර්ෂයේ version එක)
  • Unrar

මූලාශ්‍ර

https://en.wikipedia.org/wiki/List_of_proprietary_source-available_software
https://www.adobe.com/legal/terms.html
https://www.oracle.com/downloads/licenses/javase-license1.html
https://en.wikipedia.org/wiki/Free-software_license
https://opensource.org/licenses/MIT
https://www.apache.org/licenses/
https://opensource.org/licenses/GPL-3.0


Comments

  1. post එක නියමයි, මාත් email news letter එකේ දැක්ක ගමන් ඇවිත් කියෙව්ව, මරු ඔක්කොම කියෙව්ව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ක්‍රියාකාරී ගොනු අහිංසක නැත

Linux වල සිංහල font නිිවැරදි ව display කිරීම

Radius Images