Posts

Smart තාක්ෂණය මොන පාටද?

Smart Home, නැත්නම් සුහුරු නිවස කියන සංකල්පය ඔබට අලුත් දෙයක් නෙමෙයි. විවිධ ප්‍රදර්ශන වල, youtube video වල, චිත්‍රපටි වල වගේම වෙළඳ දැන්වීම් වලත් Smart Home සංකල්පය දැන් දැන් නිතර දකින්න ලැබෙනවා. ඒ නිසාම අද ලිපියෙන් මම කතා කරන්නෙ ඒ ගැන. හැමෝම දන්න මාතෘකාවක් ගැන ලිපියක් ලියන්නෙ ඇයි කියලා ඔයා හිතනවා වෙන්න පුළුවන්, ඒත් මම ඉදිරිපත් කරන්නෙ හැමෝම දකින මතයට වෙනස් මතයක්. මේ 2021 අවුරුද්ද නිසා smart home ගැන විශේෂ හැඳින්වීමක් කරන්න ඕනෙ වෙන එකක් නෑ. ස්ව්‍යංක්‍රීයව කෑම ඇනවුම් කරන ශීතකරණ, කටහඩින් පාලනය කරන්න පුළුවන් දොර ජනෙල්, ස්ව්‍යංක්‍රීයව දැල්වෙන විදුලි බුබුලු… කටහඩින් සහ සංඥා වලින් පාලනය කරන පූර්ණ නිවසක්! විද්‍යා ප්‍රබන්ධයකින් සිනමාවට ගිය, සිනමාවෙන් යථාර්තයට ආ ඉන්ද්‍රජාලයක්! නූතන විද්‍යාවේ සංකීර්ණ, සියුම් නිර්මාණයක්! මීට අවුරුදු 10කට කලින් හීනයක් වුණ මේ ඉන්ද්‍රජාලික තාක්ෂණය තවදුරටත් මායාවක් නෙමෙයි. Artificial Intelligence සහ Material Engineering කියන අංශ වල දියුණුවට ස්තුති වෙන්න අද සමාජයට smart home කියන්නෙ සාමාන්‍ය දෙයක්. Microsoft Cortana, Apple Siri, Google Assistant, Amazon Echo වගේ මෘදුක...

Malware ගැන දැනගන්න.

Computer Virus කියන්නෙ මොකක්ද? මේ ප්‍රශ්නෙට නම් උත්තරේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් Virus කරදරකාරී කියන එකට වඩා දෙයක් ගොඩක් අය ඒ සම්බන්ධයෙන් දන්නෙ නෑ. Userට බාධා කරනවා වගේ බොහොම අහිංසක විහිළු සඳහා වගේම න්‍යෂ්ටික විදුලි බලාගාර වල යුරේනියම් නිස්සාරක විනාශ කිරීම වගේ දරුණු දේවල් කිරීමටත් Computer virus යොදාගෙන තියනවා. මේ සතියෙ ලිපියෙන් ඉදිරිපත් කරන්න මේ සම්බන්ධව සිත් ගන්නා සුළු කරුණු ගොඩක් හොයාගත්තා. සරල හැඳින්වීමක් පරිගණකයට හානිකර වැඩසටහන් හඳුන්වන්න පළවෙනි ඡේදයේ දී Computer Virus කියන වචනෙ යොදාගත්තත් ඒක නිවැරදි නෑ. නිවැරදි වචනෙ වෙන්නෙ “Malware”. මම “virus” කියන වචනෙ යොදා ගත්තෙ ඒක හුරුපුරුදු නිසා. Computer Virus එකක් කියන්නෙ එක Malware වර්ගයක් විතරයි. සරලව කියනවා නම් Virus කියන්නෙ Malware කියන විශාල කුලකයේ තියන කුඩා කුලකයක් විතරයි. Virus වලට අමතරව Worms, Spyware, Adware, Trojans, Ransomware වගේ ගොඩක් Malware තියනවා. ආකර්ෂණීය කතා වලට යන්න කලින් විවිධ Malware වර්ග ගැන සරලව විස්තර කරලා ඉන්නම්. Computer Virus Computer Virus කියන්නෙ පරිගණකයකින් පරිගණකයකට ඉබේ පැතිරීමේ හැකියාව තියන Malware එක...

Free software හොඳ ද? (Free vs Proprietary software)

ඔයා use කරන softwares free ද? ලංකාවේ ගොඩක් අයට නම් software හැම එකක්ම වගේ free තමයි. අපේ රටේ ගොඩක් අය සමහර software ගන්න ඕනෙ සල්ලි ගෙවල කියලා දන්නෙත් නෑ. හැබැයි ගොඩක් අය භාවිත කරන softwares වලින් බහුතරය නීත්‍යනුකූලවම නොමිලේ ලැබෙන ඒවා. ඒත් එහෙම නොමිලේ ලැබෙන හැම software එකක් ම free software එකක් වෙන්නෙ නෑ 🤔. Free software සහ Proprietary software අතරෙ තියන වෙනස ගැන හරියටම දැන ගනිමු මේ ලිපියෙන්. Microsoft Windows, Mac OS කියන ප්‍රධාන පරිගණක මෙහෙයුම් පද්ධති දෙකම Proprietory Software. නීති විරොධීව ලබා ගත්තොත් හැරෙන්නට ඔයාට ඒවා නොමිලේ ලැබෙන්නෙ නෑ. ඒත් WhatsApp, Chrome, Microsoft Edge, Discord වගේ software ඔයාට නොමිලේ භාවිත කරන්න පුළුවන්. නොමිල් ලැබුණට මේවා free software නෙමෙයි. මේ හැම එකක් ම proprietary software කියන වර්ගයටයි අයිති වෙන්නෙ. Software එක, ඒක හදන developerගේ බුද්ධිමය දේපලක්. ඒ බුද්ධිමය දෙපල userට භාවිත කරන්න අවසර ලබා දෙන බලපත්‍රය තමයි “End User License Agreement” කියන්නෙ. ගොඩක් අය කියවන්නෙත් නැතුව “I agree” කියලා මග හරින ලියවිල්ල තමයි මේ. Proprietary software වල License වල ...

BleachBit (System එකේ කුණු සුද්ද කරමු)

Image
BleachBit ගැන මේ ලිපිය ලියන්නෙ Youtube community post එකක කෙනෙක් අහල තිබ්බ ප්‍රශ්නයකට පිළිතුරු විදිහට. ගොඩක් අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි System එකේ cache files, temporary files වගේ disk space නාස්ති කරන junk files ගොඩ ගැහෙන එක. මේ file නිසා කාලයක් යද්දි system එක slow වෙන්න ගන්නවා. ඒ නිසා මේවා clean කරන එක ගොඩක් වැදගත්. ඉතින් මෙතනදි අපේ උදවුවට ඉන්නෙ සුප්‍රසිද්ධ BleachBit Software එක. BleachBit තියෙන්නෙ junk file සුද්ද කරන්න විතරක් නෙමෙයි. මේක Swiss Knife එකක් වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් software එකක්. ඇමරිකානු ජනාධිපතිවරණයේ දි Donald Trumpට එරෙහිව තරඟ වැදුන Hilary Clinton පවා මේ software එක තමන්ගෙ පෞද්ගලික email ආරක්ෂිතව මකා දමන්න භාවිත කරපු software එකක් තමයි bleachbit කියන්නෙ. Files ආයෙ Recover කරන්න බැරි විදිහට සදහටම delete කරන විදිහත් ලිපියේ පහළින් තියනවා කොහොමද BleachBit download කරන්නෙ? BleachBit කියන්නෙ Free, Open Source software එකක්. ඒ නිසා crack හොය හොය මහන්සි වෙන්න ඕනෙ නෑ. Free නිසා වෙන වෙන site වලින් නෙමෙයි, official website එකෙන් ම download කරගන්න. Official ...

කෘත්‍රිම බුද්ධිය software development ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරයි

කෘත්‍රීම බුද්ධිය scifi film වල තියන තරමට ම දියුණුයි කියලා කවුද හිතුවේ? බුද්ධියක් අවශ්‍ය නොවෙන රැකියා යකඩ යන්ත්‍ර වලින් කලින් ම ආක්‍රමණය කළා. ඒත් කවුද හිතුවෙ යන්ත්‍ර සූත්‍ර, software development වගේ බුද්ධිය අවශ්‍ය රැකියාත් ආක්‍රමණය කරයි කියලා. 🤔 මේ කියන්න යන්නේ OpenAI සමාගමේ GPT-3 කෘත්‍රීම බුද්ධි පද්ධතිය ගැන. බුද්ධිය අවශ්‍ය නැති රැකියා කරන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්නෙ. මේ නිසා මේවට ලැබෙන වැටුපත් අඩුයි වගේම මේ රැකියා වල රැකියා සුරක්ෂිතභාවයත් අඩුයි. ඒ නිසානෙ දෙමව්පියො ළමයින්ට හොඳට ඉගෙන ගන්න කියන්නෙ. ලංකාවෙ නම් තවම ඔය විදිහේ කම්කරු රැකියා කරන්නෙ මිනිස්සු. ඒත් ඔයාලා දැකලා තියනවද Amazon වගේ companies තමන්ගෙ warehouse වල වැඩ කරන විදිය. එයාල ගොඩක් මිනිස් ශ්‍රමය අවශ්‍ය වැඩ කරන්නෙ රොබෝවරු ලවා. ඒත් ඒ සමාගම් වල මිනිස්සුත් වැඩ කරනවා. ඒ වැඩ රොබොලටත් කරන්න පුළුවන් නිසා Amazon සමාගම මේ මිනිස් සේවකයන්ට සළකන්නෙත් රොබෝලා විදියට. ඒ නිසා සේවකයො විවිධ අවස්ථා වල උද්ගොෂණ කරනවා තමන් රොබෝලා නෙමෙයි, පණ තියන මිනිස්සුයි කියලා සමාගමට මතක් කරන්න. මේ සමාගම් වලට ඕනෙම අවස්ථාවක සේවකයන්ව ඉවත් කරලා ඒ වැඩ වලට රොබෝලා දාන්න...

Linux වල සිංහල font නිිවැරදි ව display කිරීම

Image
ඔබ Linux භාවිතා කරන කෙනෙක් නම් Linux වල Windows වල වගේ ලස්සනට සිංහල අකුරු display වෙන්නෙ නෑ කියලා දන්නවා ඇති. හෙලකුරු වගේ input method editors තියන නිසා සිංහලෙන් type කරන එක නම් ගැටළුවක් නෑ, ඒත් type කරන text එක ලස්සනට display වෙන්නෙ නෑ, සිංහල අකුරු display වෙන font එක කියවන්නත් අමාරුයි. ඔය ගැටලුව මටත් ඊයේ වෙනකම් තිබුනා, ඒත් මම ඊයේ ඕකට විසඳුමක් හොයා ගත්තා. විසඳුම කෙලින් ම කියනවා වෙනුවට හොඳට විස්තර ඇතුව කියන්නම්, ඒකෙන් වැඩි දැනුමක් මට ඔයත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙයි.  (හදිස්සිකාරයින්ට පුළුවන් පහළට scroll කරද්දි තියන code එක /etc/fonts/conf.d/50-si-custom.conf   කියලා save කරලා ප්‍රශ්නෙ විසඳගන්න. Noto Sans Sinhala font එක මෙතනින් download කරගන්න .) ගැටළුවේ පසුබිම් කතාව System font වෙනස් කරන එකනම් මහ ලොකු දෙයක් නෙමෙයිනෙ, තමන්ගෙ desktop environment  එකට ගැලපෙන්න settings වෙනස් කරන්නනෙ තියෙන්නෙ. ඒත් system font කොයි විදියට වෙනස් කළත් සිංහල අකුරු display වෙන විදිය වෙනස් කරගන්න මට බැරි වුණා. පරිගණකය ඉතින් හැමදේම දකින්නෙ ඉලක්කම් විදියටනෙ. අකුරු කියන්නෙත් රූප ජාතියක්නෙ. Font file...

ක්‍රියාකාරී ගොනු අහිංසක නැත

 ඔබ පරිගණකය භාවිත කරන අයෙකුනම් ගොනුවක් (file) කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ඇති. පරිගණකයක දත්ත තියෙන්නේ ගොනු විදියට. මේ ගොනු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ක්‍රියාකාරී ගොනු දත්ත ගොනු හැම ෆයිල් එකක් ම දත්තයක්. නමුත් ඒ දත්ත මොනවද කියන දේ මත තමයි මම ගොනු ඉහත වර්ගීකරණයට ලක් කරන්නේ. සින්දුවක්, ඡායාරූපයක් වගේ දේවල් දෙවෙනි වර්ගයටයි අයිති. ඒ කියන්නේ සාමාන්‍ය දත්ත. ඒත් පරගණක වල තව දත්ත වර්ගයක් තියනවා. ඒව තමයි "උපදෙස්". පරිගණක ඒකට ලැබෙන හැම උපදෙසක්ම පිළිපදිනවා. ඒවා හොඳ ද නරක ද කියල බලන්නෙත් නෑ. ලැබෙන උපදෙස් වල කියන දේ පරිගණකය කරනවා. ඒ නිසා තමයි මං ඒ දත්ත වර්ගයට ක්‍රියාකාරී දත්ත කියලා කිව්වේ. නරක උපදෙස් වලටම තමයි අපි "malicious programs" නැත්නම් malware කියලා කියන්නේ. ගොඩක් අයට නම් හුරු computer virus කියන වචනෙ.  බොහෝ අවස්ථා වලදී ක්‍රියාකාරී දත්ත වුණත් ඉබේම ක්‍රියාත්මක වෙන්නේ නෑ. User තමයි ඒවා ක්‍රියා කරවන්න ඕනේ. ගොඩක් වෙලාවට computer malware පරිශීලකයාව රවටවල ඔහු ලවා තමාව ක්‍රියා කරවගන්නව. සමහර malware මෙහෙයුම් පද්ධතියේ දුර්වලකම් හරහා තමන්ව ක්‍රියා කරවගන්නවා. ඒත් එ...
Radius Images